FAST NEWS

24×7 Around the Globe

ගංවතුර ආරක්ෂණ ආඥාපනත වෙනස් කිරිමට කැබිනට් අනුමැතිය..

1924 අංක 4 දරණ ගංවතුර ආරක්ෂණ ආඥාපනත අහෝසිකර ඒ වෙනුවට නව ගංවතුර කළමනාකරණ පනතක් ස්ථාපිත කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.

දැනට ක්‍රියාත්මක පනතින් ගංවතුරින් හානි සිදුවිය හැකි ප්‍රදේශ ප්‍රකාශයට පත් කිරීමේ බලය විෂය භාර ඇමැතිවරයාට පැවරී තිබෙන අතර එම ප්‍රදේශයන්හි ආරක්ෂාව වෙනුවෙන් පියවර ගැනීමේ බලය වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල්ට පැවරී තිබේ.

එ අනුව එම පනත සම්පූර්ණයෙන්ම අහෝසිකර වර්තමානයට ගැලපෙන පරිදි නව පනතක් කෙටුම්පත් කිරීමට කැබිනට් මණ්ඩලය තීන්දු කර ඇත.

(ADS)