FAST NEWS

24×7 Around the Globe

ශෂි වීරවංශගේ නඩු භාණ්ඩ අස්ථානගත වී නෑ..

ශෂි වීරවංශ මහත්මියට එරෙහිව ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් ලබාගැනීමේ චෝදනාව අදාළ නඩු දෙකකට අදාළව නඩු භාණ්ඩ වු ගුවන් ගමන් බලපත්‍රය හා ජාතික හැදුනුම්පත අස්ථානගත වී ඇති බව මීන් පෙර හෙළි  වු කරුණු අසත්‍ය බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා  අද (31) සඳහන් කළේය.

එම නඩු භාණ්ඩ  සාමාන්‍යයෙන් නඩු භාණ්ඩ බන්ධනාගාර භාරකරු සන්තකයේ පවතින බවත් නඩු විභාගයේ දී නඩු භාණ්ඩ අවශ්‍ය වු විට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව එම නිලධාරියාගෙන් ඉල්ලීමක් කළ යුතු බවත් මහේස්ත්‍රාත් වරයා පැහැදිලි කළේය.

නමුත් පෙර නඩු දිනයේදි එලෙස ඔහුගෙන් ඉල්ලා නොමැති බවත් එම ඉල්ලීම කර ඇත්තේ කොළඹ ප්‍රධාන රෙජිස්ට්‍රාර්වරියගෙන් බවත් මහේස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නේය.

එ අනුව එය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් අතින් සිදුවු අතපසු වීමක් බවත් මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේය.

මේ සම්බන්ධයෙන් ගෙන ගිය ප්‍රචාර තුලින් මහජනතාව කෙරෙහි අධිකරණ පද්ධතිය තුළ ඇති විශ්වාසය පළුදු වන බවත් නැවත එම වරද සිදු නොකරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා අවධාරණය කළේය.

(ADS)