FAST NEWS

24×7 Around the Globe

සෞඛ්‍ය ඇමැතිට ලෝක සෞඛ්‍ය සංවිධානයේ විධායක පුටුවක්..

ලෝක සෞඛ්‍ය සංවිධානයේ විධායක සභාවට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා තෝරා පත් කරගෙන ඇත.

විධායක සභාවට සාමාජිකයින් 34 දෙනෙකු පත්කර ගන්නා අතර, එම සාමාජිකයින්ගේ නිල කාලය වසර 02 ක් වෙයි.

මෙවර විධායක සභාව ජුනි මස 01 සහ 02 යන දෙදින ස්විස්ටර්ලන්තයේ ජීනිවා නුවර පිහිටි ලෝක සෞඛ්‍ය සංවිධානයේ මුලස්ථානයේ දී පැවැත්වෙයි.

එම විධායක සභාවට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ද සහභාගි වීමට නියමිතය.

මෙම විධායක සභාවේදී ඉදිරි සෞඛ්‍ය සේවා පවත්වාගෙන යාම, සෞඛ්‍ය වැය ශිර්ෂය ඇතුලු සෞඛ්‍ය සේවා ක්ෂේත්‍ර රැසක් සාකචිඡා කිරීමට නියමිතය.

මෙවර විධායක සභාවට ආසියානු රටවල් 04 ක නියෝජිතයින් පත් කර ඇත.

(ADS)