FAST NEWS

24×7 Around the Globe

කාබුල් නුවර පිපිරීමක් පුද්ගලයින් 50 ක් මරුට…

ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර විශාල පිපිරීමක් සිදුව පුද්ගලයින්  50 දෙනකු පමණ මියගොස් පුද්ගලයින් 300 දෙනෙකු පමණ තුවාල ලබා ඇතැයි එරට මාධ්‍ය වාර්තා පවසයි.

කාබුල් නගර මධ්‍යයයේ පිහිටි විදේශ තානාපති කාර්යාල සහ ජනාධිපති මන්දිරය ආසන්නයේ මෙම පිපිරීම සිදුව ඇති බවත් මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවද එරට බලධාරීහූ පවසති.

මෝටර් රථයක ඇටවූ බෝම්බයක් මෙම පිපිරීමට හේතුව වන්නට ඇතියි බලධාරීන් සඳහන් කරන බව එම මාධ්‍ය වාර්තා වැඩි දුරටත් පවසයි.

(ADS)