FAST NEWS

24×7 Around the Globe

අන්තරේ කැඳවුම්කරු ඇතුළු 06 කට ඇප…

අන්තර් විශ්ව විද්‍යාල  ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වන ළහිරු වීරසේකර ඇතුළු සැකකරුවන් හය දෙනෙකු අද (31) එක් අයෙකුට රුපියල් 2500 බැගින් වූ ඇප මත මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

2015 ඔක්තෝබර් 6 වැනිදා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව ඉදිරියේ විරෝධතාවයක් පවත්වා රුපියල් දෙලක්ෂ අසු හතර දහසක අලාභයක් සිදු කිරිම ඇතුළු චෝදනා  කිහිපයකට එරෙහිව  ඔවුනට පවරා තිබු නඩුවට පෙනී නොසිටිම නිසා පසුගිය 19 වැනිදා ඔවුනට වරෙන්තු නිකුත් කර තිබූ අතර නඩුව අගෝස්තු 25 වැනි දා දක්වා කල් තැබිණි.

(ADS)