FAST NEWS

24×7 Around the Globe

හෙද විභාග කල් දැමුණූ බවට සෞඛ්‍යයෙන් නිවේදනයක්..

ජුනි මස 04 වනදා සහ 11 වනදා පැවැත්වීමට නියමිතව තිබූ විභාග කල් හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් කල් දැමීමට තීරණය කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශ සඳහන් කරයි.

එ අනුව හෙද සේවයේ පළමුවන ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන කාර්යක්ෂම විභාගය සහ පශ්චාත් හෙද පුහුණුවට බඳවා ගැනීමේ තරඟ විභාගය මෙලෙස කල් දමා ඇත.

කෙසේවෙතත් හෙද සේවයේ පලවන ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය ජුනි මස 18 වන දින හා , ජූලි මස 02 වන දින පැවැත්වීමට නියමිත පශ්චාත් ප්‍රාථමික හෙද පුහුණුවට බඳවා ගැනීමේ තරඟ විභාගයසුපුරුදු පරිදි පැවැත්වෙන බවද එම අමාත්‍යංශය පවසයි.

(ADS)