FAST NEWS

24×7 Around the Globe

උතුරේ සිදුවන අපරාධවල නියම අපරාධකරුවන් සොයාගත යුතුයි ….

උතුරේ සිදුවන අපරාධයන්හි නියම වරදකරුවන් සොයා ගැනීමට නොහැකි වුවහොත් රටේ බහුතර ජනතාව දෙමළ ජනතාව කෙරෙහි සැකයක් ඇති විය හැකි බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේස්වරන් මහතා කිලිනොච්චිය ඉයක්කච්චි නව වෙළඳ සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් පැවසීය.

‘‘පසුගියදා කිලිනොච්චියේ විඩි තැබීමේ සිද්ධියේදීත් නියම අපරාධ කරුවන් අල්ලා ගත යුතුයි එසේ නොමැති නම් රටේ ඉන්න බහුතර ජනතාව උතුර උතුරේ දෙමළ ජනතාව කෙරෙහි සැකයක් හා ක්‍රෝධයක් ඉපදවීමට හේතු වෙනවා මේ ගැන රජය අවධානය යොමු කළ යුතු” බව උතුරු මහ ඇමැතිරයා මෙහිදි උත්සව සභාව අමතමීන් වැඩි දුරටත් පැවසීය.

(ADS)