FAST NEWS

24×7 Around the Globe

දිස්ත්‍රික් 07කට නායයාමේ අවදානම තවදුරටත්..

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික් 07කට නායයාමේ අනතුරු ඇඟවීම් සිදු කොට ඇති අතර ඉදිරි පැය 24 පුරාත් වර්ෂාපතනය අඛණ්ඩව පැවැතුණ හොත් එම අවදානම තවදුරටත් පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් සඳහන් කරයි.

එ අනුව කඳු ආශ්‍රිතව ජිවත් වන ජනතාව මේ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය දැනුම් දෙයි.

ඒ අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර, ඇළපාත, පැල්මඩුල්ල, කුරුවිට, ඇහැලියගොඩ, කිරිඇල්ල, ඉඹුල්පෙ, අයගම, කහවත්ත, කලවාන, කොලොන්න සහ නිවිතිගල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල  මෙන්ම කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත්කොහුපිටිය, දැරණියගල, යටියන්තොට සහ දෙහිඹ්විට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ද මෙම නායයාම් අවදානම පවතින බව එම ආයතනය පෙන්වා දෙයි.

ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම, යක්කලමුල්ල, නෙළුව, තවලම, නියාගම සහ නාගෙඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලද,  කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල, අගලවත්ත, වලල්ලාවිට සහ බදුරලිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ද නායයාමේ අවදානම පවතින බවද ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය දැනුම් දෙයි.

එමෙන් ම මාතර දිස්ත්‍රික්කයේ කොටපොල, පස්ගොඩ, පිටබැද්දර සහ මුලටියන යන  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලත්, හම්බන්තොට දිස්ත්‍රික්කයේ වලස්මුල්ල සහ කටුවන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලත් නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව කෝරලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලත් නායයෑමේ අවදානම පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසයි.

(ADS)