FAST NEWS

24×7 Around the Globe

ඡන්ද හිමි නාමලේඛන ප්‍රතිශෝධන කාල සීමාව දිර්ඝ කෙරේ..

ජල ගැලීම් හේතුවෙන් පීඩාවට පත් දිස්ත්‍රීක්කවල ඡන්ද හිමි නාමලේඛන ප්‍රතිශෝධන කටයුතු සඳහා ලබාදෙන කාල සීමාව ජුනි මස 07 වැනිදා දක්වා දීර්ඝ කෙරෙන බව  මැතිවරණ කොමීසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඊයේ (29) මහනුවර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදි සඳහන් කළේය.

මේ අතර ආපදාව හේතුවෙන් නිවාස අහිමි වු පුද්ගලයින්ට ද ගැටළුවකින් තොරව  ඡන්ද හිමි නාමලේඛන පිරවීමට අවශ්‍ය කටයුතු සැලසුම් කර ඇති බව එ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

(ADS)