FAST NEWS

24×7 Around the Globe

දේශපාලන භේදයකින් තොරව විපතට පත් ජනතාවට සහය වන්න..

දේශපාලන භේදයකින් තොරව ආපදාවෙන් විපතට පත් ජනතාවට සහය වන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලීමක් කලේය.

දිවයිනට බලපෑ ආපදා තත්ත්වය සම්බන්ධයෙන් විජේරාම ප්‍රදේශයේ පිහිටි සිය නිවසේදී මාධ්‍යවේදීන් කළ විමසීමකට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේය.

මේ අතර ආපදාවට පත්ව ඇති ජනතාවට සහන සැලසීමට දේශපාලන නියෝජිතයින් එම ජනතාව අතරට යා යුතු බව නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා කළුතර දිස්ත්‍රික්කයේ පීඩාවට පත් වූ පිරිසකට සහන සැලසීමේ අවස්ථාවකට එක්වෙමින් පැවැසීය.