FAST NEWS

24×7 Around the Globe

දිස්ත්‍රික්ක අටක සියලූම පාසල් වසා දමන බව අධ්‍යාපන ඇමති පවසයි..

පවතින ආපදා තත්ත්වය හමුවේ ඉදිරි දින හතර තුළ දිස්ත්‍රික්ක අටක සියලූම පාසල් වසා දැමීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසයි.

කොළඹ මේ වන විට පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පවසා සිටියේ ගම්පහ, කොළඹ, කළුතර, රත්නපුර, ගාල්ල, මාතර, හම්බන්තොට සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවල පාසල් මෙලෙස වසා දමන බවයි.