FAST NEWS

24×7 Around the Globe

මාර්ග සංවර්ධන අධිකාරිය ක්ෂණික දුරකථන අංක දැනුම් දෙයි..

ආපදා තත්ත්වය හේතුවෙන් හානියට පත් වූ සියලු මාර්ග කඩිනමින් යථා තත්ත්වයට පත් කරන බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යංශය පවසන අතර එම අමාත්‍යංශය පවසන්නේ මාර්ග සංවර්ධන අධිකාරිය ඊට අදාළ පියවර ගනිමින් සිටින බවයි.

විශේෂයෙන් කළුතර, ගාල්ල, මාතර, රත්නපුර සහ හම්බන්තොට යන දිස්ත්‍රීක්කවල මාර්ග රැසක් ගං වතුර සහ නායයාම් හේතුවෙන් හානියට පත්ව ඇති අතර ඒ පිළිබඳ තොරතුරු පළාත් අධ්‍යක්ෂවරුන් හරහා ලබා ගනිමින් සිටින බව අමාත්‍යංශය සඳහන් කරයි.

කඩිනමින් ගමනාගමනයට විවෘත කළ යුතු මාර්ග හඳුනා ගනිමින් එම මාර්ග යථා තත්ත්වය පත් කිරීමේ කටයුතු මේ වන විටත් මාර්ග සංවර්ධන අධිකාරිය විසින් සිදු කරමින් සිටින බව මහාමාර්ග අමාත්‍යංශය කියා සිටියි.

ආපදාවට පත්ව ඇති මාර්ග පිළිබඳව මාර්ග සංවර්ධන අධිකාරියේ 1968 සහ 1969 යන ක්ෂණික දුරකථන අංක ඔස්සේ දැනුම් දිය හැකි බවද එම අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරයි.