FAST NEWS

24×7 Around the Globe

උතුරු කොරියාව තෙවැනි බැලස්ටික් මිසයිලය අත්හදා බලයි..

සති තුනක් ඇතුළත උතුරු කොරියාව විසින් තෙවැනි බැලස්ටික් මිසයිලයද අත්හදා බලා ඇතැයි විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කල අතර කෙටිදුර මිසයිලයක් වන මෙය සැතපුම් 280ක දුරකට ගමන් කරවිය හැකි බවද වාර්තා කරන ලදි.

ජපානය මේ සඳහා විරෝධය පළ කළද උතුරු කොරියාව විසින් මෙය අත්හදා බලා ඇති අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් උතුරු කොරියාවට මිසයිල අත්හදා බැලීම තහනම් කර ඇති අවස්ථාවක ඔවුන් මෙය අත්හදා බලා තිබීම සුවිශේෂී වෙයි.

උතුරු කොරියාවේ වොන්සැන් ප්‍රදේශයේදී මෙය අත්හදා බල ඇති අතර ජපානයේ සෝඩෝ හා ඔකි දූපත් අතරට මෙම මිසයිලය පතිත වී තිබේ.