FAST NEWS

24×7 Around the Globe

පැවති අධික වර්ෂාවත් සමග මාර්ග රැසක ගමනාගමනයට තවදුරටත් බාධා..

පැවති අධික වර්ෂාවත් සමග ඇතිවූ ජලගැලීම් හේතුවෙන් මාර්ග රැසක් ගමනාගමනයට තවදුරටත් බාධා එල්ල වී තිබේ.

රත්නපුර දිස්ත්‍රීක්කයේ රත්නපුර – කලවාන, රත්නපුර – පානදුර, රත්නපුර – පලාවෙල මාර්ග ජලයෙන් යටවී ඇති බව පොලිසිය පවසයි.

එමෙන්ම කුරුවිට – ගොකරැල්ල , කලවාන – රත්නපුර, කලවාන – පොතුපිටිය, කලවාන – මතුගම, ඇහැළියගොඩ – එල්ලාවල, පොතුපිටිය – රක්වාන , කොළොන්න – දෙනියාය, නිවිතිගල – කලවාන, කිරිඇල්ල – පානදුර යන මාර්ග ද ජලයෙන් යටවී ඇති බැවින් රථවාහන ගමනා ගමනය ඇණ හිට තිබේ.

කළුතර දිස්ත්‍රීක්කයේ කළුතර – කෙත්හේන, බදුරලිය – අත්වැල්තොට, බුලත්සිංහල – බදුරලිය, කළවැල්ලාව – තෙබුවන, මතුගම – කළුතර, වැලිපැන්න – අලුත්ගම, අලුත්ගම – මතුගම, කළුතර – හොරණ, තෙබුවන – නෑබඩ යන මාර්ග ද ජලයෙන් යටවී ඇති බව පොලිසිය පවසයි.

ගාල්ල දිස්ත්‍රීක්කයේ නෙළුව – දෙල්ලව, නෙළුව – උඩුගම, නෙළුව – පැලවත්ත, උඩුගම – බද්දේගම, වඳුරඹ – මාපලගම, වඳුරඹ – යක්කලමුල්ල, වඳුරඹ – බද්දේගම, පෝද්දල – බද්දේගම, වක්වැල්ල – ගිංතොට, හිනිදුම – නෙළුව, හිනිදුම – උඩුගම, හිනිදුම – අකුරැස්ස යන මාර්ග ජලයෙන් යටවී තිබේ.

මාතර – අකුරැස්ස , මාතර – කඹුරුපිටිය යන මාර්ග ජලයෙන් යටවී ඇති අතර තංගල්ල – වීරකැටිය මාර්ගය ද ජලයෙන් යටවී ඇති බව පොලිසිය සඳහන් කරයි.

කැලණිය පොලිස් කොට්ඨාශයේ බියගම – කඩුවෙල, බියගම – කොළඹ යන මාර්ගවල රථවාහන ගමනාගමනයට බාධා එල්ල වී ඇති අතර මුල්ලේරියාව පොලිස් වසමේ චන්ද්‍රිකා කුමාරතුංග මාවත සම්පූර්ණයෙන් ජලයෙන් යටවී ඇති බව වාර්තා වේ.

පාදුක්ක – හංවැල්ල මාර්ගය, පාදුක්ක ඉංගිරිය මාර්ගය, කළුඅග්ගල – ලබුගම මාර්ගය , පහත්ගම – දිද්දෙනිය මාර්ගය, කඩුවෙල – හෝමාගම මාර්ගය ජලයෙන් යටවීම හේතුවෙන් ගමනාගමනයට බාධා එල්ල වී ඇති බවද පොලිසිය පවසයි.