FAST NEWS

24×7 Around the Globe

ආපදා සහන සැලසීමට ශ්‍රී ලංකාව ජගත් සංවිධානයේ සහාය ඉල්ලයි..

දිවයිනේ ප්‍රදේශ ගණනාවක ඇති වී තිබෙන ජල ගැලීම්, නාය යාම් ඇතුළු ආපදා තත්ත්වයට පිළියම් යෙදීම සඳහා සහාය වන්නැයි ශ්‍රී ලංකාව ජගත් සංවිධානයෙන් ඉල්ලීමක් කර තිබේ.

විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේ මෙලෙස හදිසි ආපදා අවස්ථාවන්හිදී යොදා ගැනෙන මුදා ගැනීම් සහ සහන කටයුතු හදිසි ප්‍රතිචාර ඒකකය ක්‍රියාත්මක කළ බවයි.

එමෙන්ම ජගත් සංවිධානයේ ජාත්‍යන්තර සෝදිසි සහ ජීවිතාරක්ෂක උපදේශක සේවාවේ සහාය ද ශ්‍රී ලංකාව අපේක්ෂා කරයි.