FAST NEWS

24×7 Around the Globe

විපතට පත්වූවන් සිටී නම් වහාම හදිසි ඇමතුම් ඒකක වෙත දැනුම් දෙන්න..

විපතට පත්වූවන් සිටී නම් වහාම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හදිසි ඇමතුම් ඒකක වෙත දැනුම් දෙන ලෙස එම මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

117 අංකයට හෝ 0112 136 136 හා 0112 136 222 යන අංක වලට ඇමතීමෙන් අදාළ තොරතුරු ලබාදිය හැකි බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

මේ අතර කැලණි, කළු, ගිං ගඟ මෙන්ම නිල්වලා යන ගංගා වල ජල මට්ටම් තවදුරටත් ඉහළ යමින් පවතින බැවින් ඒ අවට ජනතාවට ආරක්ෂිත ස්ථාන කරා ගමන් කරන ලෙස ද දන්වා සිටියි.

ගතවූ පැය 24ක කාලය තුළ වැඩිම වර්ෂාපතනයක් රත්නපුර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර, ඉදිරි පැය 24 කාලය තුලදීද බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ වයඹ යන පළාත් වලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.