FAST NEWS

24×7 Around the Globe

පාර්ලිමේන්තුව අද සවස 2 දක්වා පමණයි..

වර්ෂාව හේතුවෙන් රටේ ඇති වී තිබෙන ආපදා තත්ත්වය සලකා බලා අද(26) දින පාර්ලිමේන්තුව සවස 2.00 දක්වා පමණක් පැවැත්වීමට පක්ෂ නායක රැස්වීමේ දී තීරණය කළ බව නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල මහතා අද (26) සභාව වෙත දන්වා තිබේ.

හදිසි පක්ෂ නායක රැස්වීමක් සඳහා තාවකාලිකව නවතා තැබූ සභාව ප.ව 12.00 පමණ යළි ආරම්භ වූ අතර එසේ ආරම්භ වීමෙන් අනතුරුව නියෝජ්‍ය කථානායකවරයා විසින් මෙම දැනුම් දීම සිදු කර තිබේ.

අධික වර්ෂාපතනය හේතුවෙන් ප්‍රදේශ කීපයක ඇතිවී තිබෙන ආපදා තත්ත්වය පිළිබද සාකච්ඡාවක් සිදු කිරීමට මෙසේ හදිසි පක්ෂ නායක රැස්වීමක් පාර්ලිමේන්තුවේ පැවැත්වීමට තීරණය කර ඇත.