FAST NEWS

24×7 Around the Globe

ආපදා තත්ත්ව පවතින ප‍්‍රදේශවල නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කෙරේ..

ආපදා තත්ත්වයන් පවතින ප‍්‍රදේශවල දිස්ත‍්‍රික් හා ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලවල සේවය කරන නිලධාරීන්ගේ නිවාඩු නැවත දැනුම් දෙන තුරු අවලංගු කර ඇති බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා අරලියගහ මංදිරයේ අද(26) පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවැසීය.

යම් රජයේ වෛද්‍ය නිලධාරියෙකු ආපදා තත්ත්වයන්ට ලක්ව ඔහුට රාජකාරියට වාර්තා කිරීමට නොහැකි නම් ඔහුගේ දෙවන නිලධාරියා හෝ ආසන්නම නිලධාරියා වහාම ක‍්‍රියාත්මක වන පරිදි එම රාජකාරි ඉටු කිරීමට බැදී සිටිය යුතු බවද හෙතෙම ප්‍රකාශ කලේය.

ගං වතුර තර්ජනයට ලක්ව ඇති ප‍්‍රදේශවල නිලධාරීන්ගේ හිගයක් ඇත්නම්  ඕනෑම විශ‍්‍රාමික රාජ්‍ය නිලධාරියෙකු සේවයට යොදවා රාජකාරි ඉටු කිරීමට අදාළ දිස්ත‍්‍රික්කයේ ලේකම්වරුන්ට බලය පැවරෙන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.