FAST NEWS

24×7 Around the Globe

මනාප අංක නිකුත් කරයි – ප්‍රදර්ශනය කීරිමත් අරඹයි.

මෙවර මැතිවරණයට ඉදිරිපත් වී ඇති අපේක්ෂකයන් සඳහා මනාප අංක දිස්ත්‍රික්ක 10කට අදාළව ඊයේ (15දා) නිකුත් කිරීම ආරම්භ වූ බව මැතිවරණ මහ ලේකම් කාර්යාල ප්‍රකාශකයෙක් පැවසීය.

එසේම කුරුණෑගල, පොළොන්නරුව, ත්‍රිකුණාමලය, හම්බන්තොට, මාතර යන දිස්ත්‍රික්කවලට අදාළ මනාප අංක අද (16දා) ප්‍රදර්ශනය කරන බවද එම නිලධාරීයා පවසා සිටියේය.

සෙසු දිස්ත්‍රික්ක සඳහාද අදාළ තේරීම්භාර නිලධාරීන් වෙත මනාප අංක නිකුත් කිරීම අද (16දා) ආරම්භ කරන බව එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.