FAST NEWS

24×7 Around the Globe

බ්‍රසීලයේ විරෝධතාකරුවෝ කෘෂිකර්ම අමාත්‍යංශයට ගිනි තබති…

බ්‍රසීලයේ බ්‍රසීලියා නගරයේ දී කලහකාරීව හැසිරුණු විරෝධතාකරුවන් පිරිසක් එරට කෘෂිකර්ම අමාත්‍යංශ ගොඩනැගිල්ලට ගිනි තබා ඇති බව  විදෙස් වාර්තා පවසයි.

ජනාධිපති මිෂෙල් ටෙමර්ට ධුරයෙන් ඉවත් වී මැතිවරණයක් පවත්වන ලෙසත්, ආර්ථික ප්‍රතිසංස්කරණ සැලසුම් ඉවත් කරන ලෙස ඉල්ලා පුද්ගලයින් 35,000ක පමණ පිරිසක් මෙම උද්ඝෝෂණ ව්‍යාපාරයට එක්ව ඇති බවද පැවසේ.

මෙ හේතුවෙන් රජයේ ගොඩනැගිලි ආරක්‍ෂා කිරීමට හමුදා භටපිරිස් යොදවා ඇති බව වැඩි දුරටත් වාර්තා වේ.

(ADS)