FAST NEWS

24×7 Around the Globe

ආයතන ඉල්ලු පුවත්පත් වාර්තාව සම්පූර්ණ අසත්‍යයක් – ඇමති ගයන්ත..

ඉඩම් අමාත්‍යවරයා ලෙස තමන් තවත් ආයතන තුනක් ඉල්ලා ඇති බවට සිදු කර තිබෙන පුවත්පත් වාර්තාව සම්පූර්ණ අසත්‍යයක් බව ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා  පවසයි.

දිනපතා පුවත්පතක පළ වූ පුවතක් සම්බන්ධයෙන් නියෝජ්‍ය කතානායකවරයාගේ අවධානය යොමු කරමින් අමාත්‍යවරයා අද (25) පාර්ලිමේන්තුවේ දී මේ බව පැවසී ය.

“මෙයින් ජනතාව අතර වැරදි මතයක් යනවා. මම ඉල්ලා තනතුරු ගත්තේ නෑ. ජනමාධ්‍ය, ඉඩම් අමාත්‍යධූර ඉල්ලා ලබාගත් ඒවා නොවේ. චිත්‍රපට සංස්ථාව ලබාගන්න ඔලුවේ අමාරුවක් නෑ.දූෂණ ගැන ලියන්න දෙයක් නැති නිසා මේවා ලියනවා “ යැයි ද මේ පිළිබඳව සාධාරණයක් ඉටු කරන ලෙස අමාත්‍යවරයා පවසා සිටියේ ය.

(ADS)