FAST NEWS

24×7 Around the Globe

ශෂි විරවංශගේ ගමන් බලපත්‍රය හා හැදුනුම්පත අධිකරණයේදී අස්ථානගත වෙයි…!

මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ බිරිඳ ශෂී වීරවංශ මහත්මීය අධිකරණයට භාර දුන් විදෙස් ගමන් බලපත්‍රය හා ජාතික හැඳුනුම්පත අස්ථානගත වී ඇතැයි අද(25) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ දී කරුණු වාර්තා විය.

සිය විදෙස් ගමන් බලපත්‍රයේ හා ජාතික හැඳුනුම්පතේ සඳහන් උපන් දින වෙනස් වීම හේතුවෙන් ගොනු කෙරුණු නඩුවකට අදාළව ඇය එම ලේඛන අධිකරණයට භාරදී තිබුණී.

කෙසේ වෙතත් ඇයගේ විදෙස් ගමන් බලපත්‍රය වහාම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් විනිසුරුවරයා අධිකරණ ප්‍රධාන රෙජිස්ටාර්වරියට නියෝග කිරීමටද කටයුතු කළේය.

(ADS)