FAST NEWS

24×7 Around the Globe

සන්ධාන පක්ෂ නායකයෝ අදත් රැස් වෙති – පසුව මැකෝ හමුවෙති.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්ෂ නායකයින්ගේ විශේෂ හමුවක් අද (16) පැවැත්වෙනවා. ඒ, කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදීයි.

උදෑසන 10.00 ට පමණ එය ආරම්භ වීමට නියමිතයි. සුසිල් පේ‍්‍රම්ජයන්ත්, දිනේෂ් ගුණවර්ධන, විමල් වීරවංශ, ඩිව් ගුණසේකර, තිස්ස විතාරණ, උදය ගම්මන්පිල සහ වාසුදේව නානායක්කාර යන මහත්වරුන් මෙම සාකච්ඡාවට සහභාගි වනවා.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ මෙහෙයුම් කමිටු සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇති. එමෙන්ම ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉකුත් දා කළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් ද සන්ධාන නායකයින් මෙහිදී සාකච්ඡා කරනු ඇති බවයි වාර්තා වන්නේ. ඉන් අනතුරුව ඔවුන් ඒ පිළිබඳ විශේෂ ප‍්‍රකාශයක් සිදුකිරීමට ද නියමිතයි.

මෙම සාකච්ඡාවෙන් පසු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායකයින් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප‍්‍රිය මහතා හමුවීමට ද තීරණය කර තිබෙනවා. අද (16) පස්වරුවේ එම හමුව පැවැත්වෙන්නේ මැතිවරණ මහලේකම් කාර්යාලයේදීයි.