FAST NEWS

24×7 Around the Globe

මන්ත්‍රී මහින්දානන්දට ඇප නියම වෙයි…

රුපියල් මිලයන 27ක් වටිනා සුඛෝපභෝගී නිවසක් බොරැල්ල ප්‍රදේශයෙන් මිලදී ගැනීම සම්බන්ධයෙන් මුදල් විසුශුද්ධිකරණය වැලැක්වීමේ පනත යටතේ හිටපු අමාත්‍ය පා.ම. මහින්දානන්ද අළුත්ගමගේ මහතාට විරුද්ධව නීතිපතිවරයා කොළඹ මහාධිකරණයේ ගොනුකර ඇති නඩුවේ අධි චෝදනා පත්‍ර භාරදීම අද (25) සිදු විය.

එ අනුව අදාළ නඩුව සම්බන්ධව රුපියල් ලක්ෂ 2ක මුදල් ඇපයක් හා ලක්ෂ 5 ශරීර ඇප දෙකක් මත මන්ත්‍රීවරයාව මුදා හැරීමට කොළඹ මහාධිකරණ අද නියෝග කළේය.

විභාගය සඳහා දින නියම කිරීමට ජූලි මස 10 වනදා නැවත කැඳවීමට අධිකරණය තීරණය කළේය.

(ADS)