FAST NEWS

24×7 Around the Globe

ජනපති මෛත්‍රී ඔස්ට්‍රේලියා අගමැති හමුවෙයි…

ඕස්ට්‍රේලියාවේ නිල සංචාරයක යෙදී සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (25) පෙරවරුවේ කැන්බරාහි පිහිටි එරට පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේදී ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න් බුල් මහතා හමුවී සාකච්ඡා පැවැත්වීය.

නායකයින් දෙදෙනා මෙහිදී දෙරටට බලපාන ක්ෂේත්‍ර කිහිපයක් පිළිබඳව සහයෝගයෙන් කටයුතු කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කළ බව ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

මෙම සාකච්ඡාව අවසානයේදී ඕස්ට්‍රේලියාව හා ශ්‍රී ලංකාව අතර සහයෝගයෙන් කටයුතු කිරීම පිළිබඳව අවබෝධතා ගිවිසුමකට අත්සන් තබා ඇති බව වැඩි දුරටත් සඳහන්.

(ADS)