FAST NEWS

24×7 Around the Globe

ලෝක සෞඛ්‍ය සංවිධානයේ නව ප්‍රධානියා පත්වෙයි…

ලෝක සෞඛ්‍ය සංවිධානයේ නව ප්‍රධානියා ලෙස ඉතියෝපියා ජාතික ටෙඩ්රෝස් ඇඩනොමි ගේබ්‍රියේසස් තේරී පත්ව ඇති බව විදෙස් පුවත් වාර්තා පවසයි.

එ අනුව ඔහු එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ ප්‍රධාන ආයතනයක ප්‍රධානී තනතුරක් හිමිවූ පළමු අප්‍රිකා ජාතිකයා ලෙස ඔහු ඉතිහාස ගත වන බවද සඳහන්.

එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ රටවල් 186ක බහුතර කැමැත්තෙන් ඔහු මෙම තනතුරට පත්ව ඇති බව වැඩි දුරටත් එම වාර්තා පවසයි.

වසර දහයක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යකෂ ජෙනරාල් ධුරය දැරූ මාග්‍රට් චාන් ලබන මාසයේදී එම ධුරයෙන් විශ්‍රාම ගැනීමට නියමිතය.

(ADS)