වෛද්‍ය සිසුන් හා මව්පියන් එක්ව සිදුකරන සයිටම් විරෝධී පාගමනට විසුරුවා හැරීමට ලෝටස් මාවතේ ගුවන් පාලම අසලදී පොලිසීය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ.
මෙම පාගමන හේතුවෙන් කොළඹ, ගාලුමුවදොර පාර ලෝටස් වටරවුමෙන් වසා දමා ඇති බවත් කොළඹ කොටුව ප්‍රදේශය ආශ්‍රීතව දැඩි රථ වාහන තදබදයක් පවතින බවත් පොලීසිය කියයි.
පොලීසිය විසින් එල්ල කරන ලද අධි පීඩන ජල ප්‍රහාරයෙන් ඇද වැටුණු මාධ්‍යවේදියෙකුද තුවාල ලබා රෝහල් ගත කර ඇති බවද වාර්තා වේ.
මේ අතර අබාධිත රණවිරුවන් පිරිසක්ද විරෝධතා පාගමනින් ජනාධිපති ලේකම් කාර්යාලය අසළට පැමිණ ඇති බවද වාර්තා වේ.








