FAST NEWS

24×7 Around the Globe

හික්කඩුව ද්විත්ව ඝාතනය ගැන සෙවිමට පොලිස් කණ්ඩායම් 04 ක්..

හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට මුද්‍රණ ආයතනයක හිමිකරුට හා එහි සේවකයාට ඊයේ (23) පස්වරු සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට පොලිස් කණ්ඩායම් හතරක් යොදවා ඇති බව පොලිසීය පවසයි.

මෙම වෙඩි ප්‍රහාරයෙන් අදාළ පුද්ගලයින් දෙදෙනා මීය ගිය අතර මෙය අපරාධ කල්ලි දෙකක් අතර ඇතිවූ ගැටුමක් බවයි පොලීසිය ප්‍රකාශ කරයි.

එසේම මෙම වෙඩි තැබීමෙන් එම ආයතනයේ සේවය ලබා ගැනීමට පැමිණි පුද්ගලයෙකුද තුවාල ලබා රොහල් ගත කළ බවද පොලීසිය කියයි.

(ADS)