FAST NEWS

24×7 Around the Globe

මුම්බායි කුසලානය දිනා ගැනීමේ වැදගත්ම රහස මහේල මාධ්‍යට කියයි..

2017 අයි.පී.එල් කුසලානය මුම්බායි ඉන්දීයස් කණ්ඩායම වෙත හිමීවුයේ හොදින් තරගය අවසන් කිරීම නිසා එම කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළ හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රීකට් නායක මහේල ජයවර්ධන මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරමීන් සඳහන් කර තිබේ.

“ක්‍රිකට් තරඟයක් කියන්නේ මැරතන් එකක් වගේ ,ඉතින් ආරම්භය අවුල් වුනා කියල තරඟයම පරදින්නේත් නෑ,ඒ වගේම තමයි හොඳ ආරම්භයක් ගත්ත කියල තරඟයක් දිනුව කියල හිතන්නත් බෑ.ගොඩක් වැදගත් වෙන්නේ අපි කොහොමඳ තරඟය අවසන් කරන්නේ කියන එක.”

එසේම මුම්බායි කණ්ඩායම පමණක් නොව ඕනෑම කණ්ඩායමක් මෙ අකාරයෙන් කටයුතු කළහොත් කුසලානයක් ලබා ගැනීම අසීරු කටයුත්තක් නොවන බවද වැඩිදුරටත්  අවධාරණය කර තබේ.

(ADS)