FAST NEWS

24×7 Around the Globe

දුම්රිය සාමාන්‍යාධිකාරී ඉවත් කරන්නැයි ජනපතිගෙන් ඉල්ලයි..

වත්මන් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාව තනතුරෙන් ඉවත් කර න ලෙස ම්රිය වෘත්තීය සමිති සන්ධානය ජනාධිපතිවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබේ.

ඔහුට එරෙහිව මේ වන විට අධිකරණයේ නඩු ගණනාවක් විභාග වෙමින් පවතින නිසා මෙසේ ඉල්ලා සිටින බව එම සන්ධාන සඳහන් කර ඇත.

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා තමන්ගේ නිලය අයුතු ලෙස යොදා ගනිමින් අත්තනෝමතික ලෙස කටයුතු කිරීම අනිසි හැසිරීම රජයේ මුදල් හා දේපළ සාවද්‍ය ලෙස පරිහරණය කිරීම හා අන් අයට එසේ කිරීමට ඉඩ දීම හරහා රාජ්‍ය සේවයටත්, තනතුරේ ගෞරවයටත් හානිවන ආකාරයෙන් කටයුතු කර ඇති බව එම සන්ධානය වැඩි දුරටත් අවධාරණය කරයි.

(ADS)