FAST NEWS

24×7 Around the Globe

ජනපතිගේ කැබිනට් සංශෝධනයෙන් එජාපයට බලවත් අසාධාරණයක්..

ජනාධිපතිවරයා පසුගියදා සිදුකරන ලද කැබිනට් සශෝධනය එක්සත් ජාතික පක්ෂයටත් නව රජය බලයට පත්කිරීමට කැපවූ එක්සත් ජාතික පක්ෂයේ බිම් මට්ටමේ නායකයන්ටත් සිදු වූ බලවත් අසාධාරණයක් බව නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාහයක් සිදුකරමීන් පවසයි.

එම ප්‍රකාශයේ වැඩිදුරටත් මෙසේද සඳහන් වේ.

“අලුතින් පත්කළ අමාත්‍යාංශ විෂය පථයන් දෙස බැලීමේදී මෙය ඉදිරි පළාත් සභා මැතිවරණ ඉලක්ක කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිය අවශ්‍යතා ඉටුකර ගැනීමට සමත් වූ සංශෝධනයකි. කඳුරට උරුමය, සබරගමු උරුමය ලෙස නව විෂය පථයන් දෙකක් ඇති කිරීමත් මහවැලි සංවර්ධන විෂයට අදාළව රාජ්‍ය අමාත්‍යංශක් ඇති කිරීම හා එකී සියලු අමාත්‍යාංශ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන් වෙත පැවැරීම තුළ රටේ සැබෑ අවශයතා ඉටුකිරීමේ ක්‍රියාවලියක් වෙනුවට බලය වර්ධනය කරගැනීමේ ක්‍රියාවලියක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් සැලසුම් කර ඇති බවට පෙනී යයි.

(ADS)