FAST NEWS

24×7 Around the Globe

උතුරේ යුධ හමුදාව මාස 06 කින් ඉවත් විය යුතුයි – සිවාජිලිංගම්.

උතුරු පළාතේ ආරක්ෂාවට යැයි යොදවා සිටින යුද හමුදාව ඉදිරි මාස 6 ක කාලයක් තුලදී ඉවත් විය යුතු යැයි දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් ඊයේ  (22) සවස යාපනය මාධ්‍ය සමාජ ගොඩනැගිල්ලේදී පැවති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමින් පැවසීය.

‘‘යාපනය වලිකාමම් උතුරු පළාතේ අක්කර 4000 ක භූමියක් ශ්‍රී ලංකා යුද හමුදාව බලෙන් තියාගෙන ඉන්නේ යුද හමුදාවට ඉන්න අක්කර 600 ක් 700 ක් හොඳටම ඇති මේ ප්‍රදේශ වලට ඇයි මෙච්චර හමුදාවක් ඒ වැඩි යුද හමුදාව වහාම මාස 6 ක් ඇතුළත උතුරු පළාතෙන් යන්න ඕනෑ කියලයි මම හිතන්නේ ඒ වගේම තමයි මුලතිව් වෙල්ලමුල්ලි වයික්කාල් යුද සැමරුමට ආපූ සාමාන්‍ය වැසියන්ට යුද හමුදාවෙන් බුද්ධි අංශ අය කරදර කරල තියනවා ඒ ජනතාව බය කරලා තියනවා ඒ විදිහට කරදර කරල තියන එක සම්බන්ධයෙන් අපි විදෙස් රටවලට දැනුම්දීලා පැමිණිලි කරන්න වෙයි”

(ADS)