FAST NEWS

24×7 Around the Globe

කොළඹ දිසා අධිකරණයෙන් ශ්‍රීලනිපයට වාරණ නියෝගයක්.

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයාගේ අනුමැතියකින් තොරව පක්ෂයේ මධ්‍යම කාරක සභාව සහ විධායක සභාව කැඳවීම තහනම් කරමින් වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.

අදාළ නියෝගය නිකුත් කර තිබෙන්නේ කොළඹ දිසා අධිකරණය විසින්. ඒ, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයින් පිරිසක් කළ ඉල්ලීමක් සලකා බලමින්.