FAST NEWS

24×7 Around the Globe

දුම්රිය රියදුරු වර්ජනය නවතියි..

ඉල්ලීම් තුනක් මුල් කරගනිමින් දුම්රිය රියදුරු සංගමය අද (23) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ වැඩවර්ජනය අත්හිටවූ බව ලොකොමැටිව් ඔපරේටින් ඉන්ජිනියර්ස් රියදුරු සංගමය පවසයි.

දුම්රිය රියදුරු හා සහායකයන් බඳවා ගැනීමේ පටිපාටිය සංශෝධනය කිරීම හා තරග විභාග තාවකාලිකව නැවතීම ඇතුළු ඔවුන්ගේ ප්‍රධාන ඉල්ලීම්වලට දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා එකඟත්වය පළ කිරීම හේතුවෙන් මෙම වර්ජනය අත්හළ බව එම සංගමය වැඩිදුරටත් කියයි.

(ADS)