FAST NEWS

24×7 Around the Globe

ජනපති පැමීණි පසු තවත් අමාත්‍ය සංශෝධනයක්..!

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (23) පස්වරුවේ ආරම්භ කරන ඕස්ට්‍රේලියානු නිල සංචාරයෙන් පසු ජාතික රජයේ රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍ය ධුර සංශෝධනයක් සිදුකිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග පවසයි.

එ අනුව අමාත්‍යවරුන් අතර ගැටලූ පවතින, සහ අකාර්යක්ෂම රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරු කිහිපයක් මේ යටතේ සංශෝධනය කිරීමට නියමිත බව පැවසේ.

ජාතික රජයේ නියෝජ්‍ය අමාත්‍ය ධුරවල වෙනසක් සිදුකරන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (22) පැවැති නව කැබිනට් මණ්ඩල සංශෝධනයේදී ද ප්‍රකාශ කර තිබේ.

කෙසේ වෙතත් ඉදිරි සති දෙකක කලය තුළ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ ද වෙනසක් සිදුකිරීමට අපේක්ෂා කරන බව එහිදී ජනාධිපතිවරයා දැනුම් දී ඇති බවද වැඩි දුරටත් වාර්තා වේ.

(ADS)