FAST NEWS

24×7 Around the Globe

ඉරාන ජනාධිපතිවරණයේ ජය ජනාධිපති හසන් රුහානිට..

ඉරාන ජනාධිපතිවරණයෙන් බලයේ සිටින ජනාධිපති හසන් රුහානි (Hassan Rouhani) ජයගෙන ඇත.

එරට රාජ්‍ය රූපවාහිනිය ජයග්‍රාහක ජනාධිපතිවරයාට ශුභ පැතීමක් ද එක් කරමින් එය නිවේදනය කර ඇත.

තමා දෙවන වතාවටත් පදවිය සඳහා තෝරා ගනු ලැබුනොත් ජාත්‍යන්තර සම්බන්ධතා ශක්තිමත් කරන බවට ජනාධිපති හසන් රුහානි සිය ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ දී ප්‍රතිඥාවක් දී තිබුණා.

දෙන ලද සියලු ඡන්ද ගණන් කරනු ලැබ අවසානයේ දී බලයේ සිටින ජනාධිපතිවරයා වෙනුවෙන් ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණය 57% ක් පමණ වූ අතර මෙවර ඉරාන් ජනාධිපතිවරණයේ දෙවන වටයක් පැවැත්වීමක් සිදු නොවෙයි.