FAST NEWS

24×7 Around the Globe

මියගිය දෙමළ වැසියන් සිහිපත් කිරීමට චෙන්නායිහි තහනමක්..

ශ්‍රී ලංකාවේ යුද්ධයේදී මියගිය දෙමළ සිවිල් වැසියන් සිහිපත් කිරීම සඳහා ඊයේ (21) සවස ඉන්දියාවේ  චෙන්නායි හි මරීනා වෙරළ තීරයේ සංවිධාන කර තිබූ සැමරුම් උළෙලක් පැවත්වීම චෙන්නායි  පොලීසිය විසින් වළක්වා ඇතැයි ඉන්දිය පුවත් වාර්තා පවසයි.

මෙලෙස තහනම් කරනු ලැබ ඇත්තේ කොටි හිතවාදී දකුණු ඉන්දීය දේශපාලනඥයකු වන  තිරුමුරුගන් ගාන්ධිගේ ප්‍රධානත්වයෙන් යුත් මැයි 17 ව්‍යාපාරයසංවිධාන කර තිබූ ඉටිපහන් දැල්වීමේ සැමරුම් උත්සවයක් බවද පැවසේ.

2003 වසරේ සිට මරීනා වෙරළ තීරය මෙවැනි විරෝධතා සැමරුම් සඳහා විවෘත නොවන හෙයින් මෙම සැමරුම් උත්සවය පැවැත්විය නොහැකි බවත් පැවැත්වුහොත් අත්අඩංගුවට ගන්නා බවද චෙන්නායි පොලීසිය අදාළ පාර්ශවය වෙත  දන්වා ඇති බව වාර්තා වේ.

(ADS)