FAST NEWS

24×7 Around the Globe

නැවුම් බලාපොරොත්තුවකින් කැබිනට් සංශෝධනය කළා – ජනපති

නැවුම් බලාපොරොත්තුවකින් යුතුව රටක් ලෙස ඉදිරියට යාමට කැබිනට් මණ්ඩලයේ සංශෝධනයක් සිදුකළ බව ජනපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අද (22) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී  පැවසීය.

රටේ අභිවෘද්ධිය සඳහා කැපවන්නැයි නව අමාත්‍යාංශ භාරගත් සියලූ අමාත්‍යවරුන්ගෙන් තමා ඉල්ලා සිටින බවද ජනාපතිවරයා මෙහිදි ප්‍රකාශ කළේය.

මිත‍්‍රශිලිව සහ කැපවීමෙන් කටයුතු කරමින් රටේ අභිවෘද්ධිය සඳහා වූ සාමුහික වගකීම ඉටුකිරීමට එක්වන ලෙස මෙහිදී නව අමාත්‍ය ධූර ලැබූ සියලූ ඇමතිවරුන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටි ජනපති මෛතීපාල සිරිසේන මහතා සමාජය සහ රට වෙනස් කළ හැක්කේ මිනිසාගේ යහපත් වෙනස්වීම තුළින් බව ද පෙන්වා දුන්නේය.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා, මැති ඇමතිවරු පිරිසක් සහ ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතා ඇතුළු නිලධාරින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

(ADS)