FAST NEWS

24×7 Around the Globe

25 වැනිදා සිට නිරිත දිග මෝසම සක්‍රීය වෙයි..!

එළඹෙන 25 වැනිදා සිට නිරිත දිග මෝසම් තත්ත්වය ආරම්භ විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමීන් සඳහන් කරයි

මේ හේතුවෙන් දිවයිනේ නිරිත දිග කොටසේ වැසි සහිත තද සුළං ඇති වියහැකි බවත් එහි සඳහන්.

එසේම අද (22දා) සබරගමුව, දකුණ, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින්විට වැසි හෝ තද වැසි අපේක්ෂා කළ හැකි බවද, විශේෂයෙන් බස්නාහිර සහ සබරගමුව පළාත්වල මි.මී. 75ට වැඩි වර්ෂාපතනයක් ඇති විය හැකි බවද පැවසේ.

මීට අමතරව නැගෙනහිර සහ ඌව පළාත්වලත් තැනින් තැන සවස 02.00න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත්, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තව නිකුත් කළ නිවේදනයෙහි වැඩිදුරටත් සඳහන් කරයි.

(ADS)