FAST NEWS

24×7 Around the Globe

මහින්දානන්දට ඇප දී ගමන් බලපත්‍රය ගනියි..

ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයට අයත් රු.ලක්ෂ 39ක මුදල් සාවද්‍ය පරිහරණය හා සාපරාධී විශ්වාසය කඩ කිරීම ඇතුළු චෝදනා 3ක් යටතේ හිටපු අමාත්‍ය මහින්දාන්නද අලුත්ගමගේ මහතාට නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණයේ ගොනු කර ඇති නඩුව අද (22) කැඳවනු ලැබීය.

අද දිනයේ නඩුවට අදාළ චෝදනා පත්‍ර භාර දී කියවා දුන් අතර විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා නඩුව ගොනු කර ඇති අධිකරණ බල ප්‍රදේශය සම්බන්ධයෙන් තමන්ගේ මූලික විරෝධතාවය ඉදිරිපත් කළේය.

එ අනුව කොළඹ මහාධිකරණ මූලික විරෝධතා සලකා බැලීම ජුනි මස 27 වන දිනට කල් තැබීමට නියෝග කළේය.

රු.ලක්ෂ 20ක ශරීර ඇප දෙකක් මත හිටපු අමාත්‍යවරයා මුදා හැරීමටත් තම ගුවන් ගමන් බලපත්‍රය අධිකරණයට භාර දෙන ලෙසටත්  මහාධිකරණය විසින් වැඩිදුරටත් නියෝග කරනු ලැබීය.

(ADS)