FAST NEWS

24×7 Around the Globe

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අදත් තද වැසි..

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද(20) දිනයේත් තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවැසීය.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ඉක්ම වූ වැසි ඇති විය හැකි බවයි.

එමෙන්ම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ දිවයිනට අවට මුහුදු ප්‍රදේශවල පැයට කිලෝමීටර් 60ත්, 70ත් දක්වා වූ තද සුළං ද ඇති විය හැකි බවයි.