FAST NEWS

24×7 Around the Globe

පුරප්පාඩුවට වතුකර දෙමල මාධ්‍ය පාසල් ගුරුවරුන් සියයක් ඉන්දියාවෙන්..

පුරප්පාඩු වී ඇති වතුකර දෙමල මාධ්‍ය පාසල් ගුරුවරුන් සියයක් ඉන්දියාවෙන් ගෙන්වා දෙන්නැයි ඉන්දීය රජයෙන් ඉල්ලූ බව වී.රාධක‍්‍රිෂ්ණන් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.

උසස් පෙළ විද්‍යා ගණිත සහ ඉංග‍්‍රීසි දෙමල භාෂාවෙන් ඉගැන්වීමට සුදුසුකම් ඇති ගුරුවරුන් ගෙන්වා දෙන ලෙස මෙරට ඉන්දීය මහ කොමසාරිස්වරයා මගින් ඉන්දියාවෙන් ඉල්ලූ බවද ඇමතිවරයා කියයි.

මෙම ගුරුවරුන් සිය දෙනාට වැටුප් ඉන්දිය රජයෙන් ගෙවනු ලබන අතර මෙරටින් ලබා දිය යුත්තේ නවාතැන් පමණක් යයිද ඔහු වැඩිදුරටත් කියා සිටී.