FAST NEWS

24×7 Around the Globe

ජල විදුලිය උත්පාදනය සඳහා පැවති අභියෝග එලෙසම පවතිනවා..

විදුලි බලාගාර ආශ්‍රිත ප්‍රදේශ වලට ප්‍රමාණවත් වර්ෂාපතනයක් ලැබී නොමැති බව විදුලිබල මණ්ඩලය පැවැසීය.

එහි මාධ්‍ය  ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පැවසුවේ මේ හේතුවෙන් ජල විදුලිය උත්පාදනය සඳහා පැවති අභියෝග එලෙසම පවතින බවය.

කෙසේවෙතත් විදුලි ඉල්ලුමද සාපෙක්ෂව අඩු වී ඇති බව ඔහු වැඩිදුරටත් පැවසුවේය.