FAST NEWS

24×7 Around the Globe

යෝෂිත විදෙස් ගතවීම සඳහා අවසර ඉල්ලයි..

තමන්ට වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා මාස දෙකක කාලයක් ඔස්ට්‍රේලියාවට යාමට අවශ්‍ය බැවින් පනවා ඇති විදෙස් ගමන් තහනම ඉවත් කරමින් විදෙස් ගතවීම සඳහා අවසර ලබාදෙන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා අද(19) සිය නීතීඥවරුන් මාර්ගයෙන් යොමුකර ඇති ඉල්ලීම ලබන 23 වැනිදා සලකා බැලීමට කොළඹ මහාධිකරණය තීරණය කර තිබේ.

එම ඉල්ලීම කොළඹ මහාධිකරණ විනිසුරු ඒ.ඒ.ආර්.හෙයියන්තුඩුව මහතා ඉදිරියේ කැඳවු අවස්ථාවේ රජයේ නීතීඥවරයා සඳහන් කර ඇත්තේ මේ සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ලබාගෙන කරුණු දැක්වීම සඳහා කල් අවශ්‍ය බවයි.

ඉදිරිපත් වු කරුණු සලකා බැලු මහාධිකරණ විනිසුරුවරයා අදාළ ඉල්ලීම ලබන 23 වැනිදා යළි කැඳවීමට නියම කළ අතර එදිනට නීතිපතිවරයාගේ ස්ථාවය දැනුම් දෙන ලෙස විනිසුරුවරයා රජයේ නීතීඥවරයාට දැනුම් දී තිබේ.

මුදල් විශුද්ධිකරණ චෝදනාව මත අත්අඩංගුවට ගත් යෝෂිත රාජපක්ෂ මහතාට ඇප ලබාදීමේ දී කොළඹ මහාධිකරණය විසින් ඔහුගේ විදෙස් ගමන් තහනම් කරමින් නියෝගයක් නිකුත් කර තිබුනි.