FAST NEWS

24×7 Around the Globe

වෛද්‍ය වර්ජනය දික් කිරීමේ බලය GMOA ශාඛා සමිති වෙත පවරයි..

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ලබන සඳුදා ක්‍රියාත්මක කිරීමට නියමිත වරුවක වැඩවර්ජනය දිනක වර්ජනයක් දක්වා දික් කිරීමේ බලය එම සංගමය විසින් සිය ශාඛා සමිති වෙත පවරා තිබේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය නලින්ද හේරත් සඳහන් කළේ අද(19) විධායක කමිටුව රැස්වූ අවස්ථාවේ මෙම තීරණය ගත් බවයි.

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ සයිටම් විරෝධී පෙළපාලියට පොලීසිය එල්ල කළ කඳුළු ගෑස් ප්‍රහාරයට විරෝධය පළ කරමින් ලබන සඳුදා වරුවක වර්ජනයක නිරතවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මීට පෙර නිවේදනය කරන ලදි.