FAST NEWS

24×7 Around the Globe

Update: බස් රථ අනතුරෙන් තුවාල ලැබූ 52 අතරට කාන්තාවන් 31ක් ඇතුලත්..

ගාල්ල – අකුරැස්ස ප්‍රධාන මාර්ගයේ කියාඩුව ප්‍රදේශයේ සිදුවු බස් රථ අනතුරෙන් පුද්ගලයින් 52 දෙනෙකු තුවාල ලබා ඇති අතර අනතුරෙන් තුවාල ලැබූ එම පුද්ගලයින් 52 දෙනා අතරට බස් රථ දෙකෙහි ගමන්ගත් කාන්තාවන් 31 දෙනෙකු ඇතුලත් වේ.

තුවාල ලැබූවන් අතර බස් රථ දෙකෙහි රියදුරන් දෙදෙනා ද වන බව පොලීසිය සඳහන් කළේය.

අනතුර සම්බන්ධයෙන් අකුරැස්ස පොලීසිය විමර්ශන සිදුකරයි.

 

බස් රථ දෙකක් ගැටීමෙන් 50 කට තුවාල සිදු වෙයි..

අකුරැස්ස – කියාඩුව ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරකින් 50 දෙනෙකු තුවාල ලබා තිබේ.

පොලීසිය සඳහන් කළේ අද(19) පෙරවරුවේ ලංගම බස් රථයක් සහ පෞද්ගලික බස් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

අනතුරෙන් තුවාල ලැබූවන් අකුරැස්ස රෝහලට ඇතුළත් කර ඇති අතර, ඉන් බරපතල තත්ත්වයේ පසුවූ 6 දෙනෙකු මාතර මහ රෝහලට මාරුකර යවා තිබේ.