FAST NEWS

24×7 Around the Globe

වැල්ලවත්ත ගොඩනැගිල්ල කඩා වැටීමෙන් තුවාල ලැබූවෙක් ජීවිතක්ෂයට..

වැල්ලවත්ත ප්‍රදේශයේ ගොඩනැගිල්ලක් කඩා වැටීම හේතුවෙන් එයට ය‍ට වී තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

අදාළ සිද්ධියෙන් තුවාල ලැබූ සංඛ්‍යාව මේ වන විට 23 දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ(18) පෙරවරුවේ සැවෝයි සිනමා ශාලාව අසල අලුතින් ඉදිකෙරෙමින් පැවති ගොඩනැගිල්ලක  කොටසක් මෙලෙස කඩා වැටුණි.