මෙවර මහමැතිවරණයට අදාළ නිල ඡන්ද පත්‍රිකා මුද්‍රණය මේ වන විට ආරම්භ කර තිබේ.
රජයේ මුද්‍රණාලයාධිපති ගාමිණි ෆොන්සේකා මහතා සඳහන් කළේ අද (15) පෙරවරු 9.30ට පමණ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමේ කටයුතු ආරම්භ කළ බවයි.
නිල ඡන්ද පත්‍රිකා මුද්‍රණය සඳහා මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා විසින් රජයේ මුද්‍රණාලය වෙත අවශ්‍ය අනුමැතිය ඊයේ(14) දිනයේ ලබාදී ඇති බව සඳහන්ය.
පැවති මහමැතිවරණ වලට සාපේක්ෂව මෙවර මැතිවරණය සඳහා ඇතැම් දිස්ත්‍රික්ක වලින් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වැඩි ප්‍රමාණයක් ඉදිරිපත්වී සිටින බැවින් එම ඡන්ද පත්‍රිකා ඉතා දිගු විය හැකි බව මුද්‍රණාලයාධිපතිවරයා පැවසුවේය.
සති දෙකක පමණ කාලයක් තුළ නිළ ඡන්ද පත්‍රිකා මුද්‍රණය අවසන් කළ හැකි බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.







