FAST NEWS

24×7 Around the Globe

ප්‍රංශ කෑන්ස්‌ චිත්‍රපට උළෙලට දැඩි ආරක්ෂාවක්…

මෙවර පැවැත්වෙන 70 වැනි ප්‍රංශ කෑන්ස්‌ චිත්‍රපට උළෙලේ ආරක්‍ෂාව සඳහා ප්‍රංශ රජය ත්‍රස්‌ත මර්දන පොලිස්‌ භටයන් යොදවා ඇති බව විදෙස් වාර්තා පවසයි.

එ අනුව චිත්‍රපට උළෙල පැවැත්වෙන ස්‌ථානය සහ අවට සී. සී. ටී. වී කැමරා 550 ක්‌ ස්‌ථාන ගත කිරීමක්‌ද ප්‍රංශ බලධාරීන් කටයුතු යොදා ඇති බවද සඳහන්.

මෙයට අමතරව චිත්‍රපට උළෙල ආරම්භ වන ස්‌ථානය වෙත ට්‍රක්‌රථ කඩාවැදීම වැළැක්‌වීම සඳහා දම්වැල්ද, සෑම පුද්ගලයන් 130 කටම එක්‌ සී. සී. ටී. වී කැමරාවක්‌ වන පරිදි සවි කර ඇති බවද එම වාර්තා වැඩි දුරටත් පවසයි.

(ADS)