FAST NEWS

24×7 Around the Globe

ආරක්‍ෂක ලේකම්ට හා යුධ හමුදාපතිට සීතාසි..

ආරක්‍ෂක ලේකම්වරයාට සහ යුද හමුදාපතිවරයාට ලබන සඳුදා (22) ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කර තිබේ.

යුද හමුදාවේ සේවය කරමින් සිටිය දී ත‍්‍රස්ත ප‍්‍රහාරවලට ලක් නොවී ඊට සම්බන්ධ සෙසු ක‍්‍රියාකාරකම් වලදී ආබාධිත තත්ත්වයන්ට පත්වු  අයට අවුරුදු 55 තෙක්  වැටුප් සහ දීමනා ද, ඉන්පසු විශ‍්‍රාම ගැන්වීමේ හිමිකම් ද අහිමි කිරීම සම්බන්ධයෙන් කරුණු දැක්වීමට  ඔවුන්ව මෙලෙස කැඳවා තිබේ.

යුද හමුදාවේ ගැමුණු හේවා බළඇණියේ එක් එක් රෙජිමේන්තුවල සේවය කර අබාධිත තත්ත්වයට පත් වු කොප‍්‍රල් ආර්.ඞී. විමලසේන ඇතුළු හමුදා සෙබලුන් සහ නිලධාරීන් පිරිසක් විසින් 2016 වසරේ සැප්තැම්බර් මානව හිමිකම් කොමිසමට ගොනු කළ පෙත්සමක් සලකා බැලීමට තීරණය කරමින් මෙලෙස සිතාසි නිකුත් කෙරිණ.

ත‍්‍රස්තවාදීන්ගේ ප‍්‍රහාරයට තමන් ලක් නොවුවත් එම ප‍්‍රහාර මැඩලීමට අවශ්‍ය සෙසු ක‍්‍රීයාකාරකම් වලදී ආබාධිත වූ තමන්ට වෙනත් මානයකින් නොසලකා යුද්ධයේ දී ආබාධ ලක්වූ නිලධාරින්ට ලබාදුන් වැටුප් හා දීමනා දෙන ලෙස වගඋත්තරකරුවන්ට නියෝග කරන්නැයි සිය පෙත්සමෙන් ඉල්ලා  සිටී.

(ADS)